FAST NEWS

24×7 Around the Globe

මහේල මුරලි සංගා සමඟ සුපිරි විස්සයි විස්ස තරඟය හෙට ඇමරිකාවේදී.

ක්‍රිකට් ක්‍රීඩාව ඇමරිකාවේ ජනප්‍රිය කරලීම උදෙසා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන විස්සයි විස්ස තරගාවලිය හෙට (07) ආරම්භවීමට නියමිතව තිබේ.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය හෙට නිව්යෝර්ක් නුවරදී ආරම්භවීමට නියමිත මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (07) රාත්‍රී 11ට ආරම්භ වේ.

කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන 20 – 20 තරගාවලියේ නායකත්වය දරනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපළක් වන සචින් ටෙන්ඩුල්කාර් සහ ෂේන් වෝන් විසින් වීම විශේෂත්වයකි.

සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වය යටතේ වන සචින් බ්ලාස්ටර් කණ්ඩායම පහතින් බලන්න…

බ්‍රයන් ලාරා
මහේල ජයවර්ධන
වීවීඑස් ලක්ෂ්මන්
සව්රව් ගන්ගුලි
විරේන්ද්‍ර ශේවාග්
ග්ලේන් මැක්ග්‍රාත්
කාර්ල් හූපර්
ලාන්ස් ක්ලූස්නර්
කර්ට්ලි ඇම්බෘෘස්
ෂෝන් පොලොක්
මොයින් ඛාන්
ග්‍රෑම් සොන්
මුත්තයියා මුරලිදරන්
ෂොයිබ් අක්තාර්

ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ වන වෝර්න්ර් වොරියර්ස් කණ්ඩායම පහතින් බලන්න…

මැතිව් හේඩන්
කුමාර් සංගක්කාර
රිකී පොන්ටින්
මයිකල් වෝන්
ජැක් කලීස්
ඇන්ඩෘෘ සයිමන්ඩ්
ජොන්ටි රෝඩ්ස්
සක්ලීන් මුස්තාක්
වසීම් අක්‍රම්
ඩැනිල් විටෝරි
කෝට්නි වෝල්ස්
ඇලන් ඩොනල්
අජිත් අගාකර්