FAST NEWS

24×7 Around the Globe

බාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යළි විවෘත කෙරෙයි.

බාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යළි විවෘත කළ බව ඉන්දුනීසියා රජය ප්‍රකාශ කළේය.

ගිනි කන්දක් සක්‍රීයවීම හේතුවෙන් දින දෙකක් ගුවන් තොටුපොළ වසා තැබීමට බලධාරීන් තීරණය කළේය.

ගුවන් ගමන් වාර සියයකට වැඩි සංඛ්‍යාවක් මේ හේතුවෙන් අවලංගු කිරීමට ද සිදුවිය. එරට වේලාවෙන් සවස 2.30 ට ගුවන් තොටුපොළ යළි විවෘත කර ඇති බව වාර්තා වෙයි.