FAST NEWS

24×7 Around the Globe

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනේ තුන්වන අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.  

එය ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදීමට එකඟ වූ ඩොලර් මිලියන 900 ක ණය මුදලේ තුන්වන වාරිකයයි.

ඒ යටතේ නැගෙනහිර, උතුර, ඌව සහ බස්නාහිර පළාත්වල ග්‍රාමීය පිවිසුම් මාර්ග කිලෝමීටර් 3400 ක් පිලිසකර කිරමට නියමිතව ඇත.

එමෙන්ම, එම පළාත්වල ග්‍රාමීය ප්‍රජාව සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර පවතින ජාතික මාර්ග කිලෝමීටර් 340 ක් ද පුනරුත්ථාපනය කිරීමට නියමිතය.