FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA ) අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

වයස අවුරුදු 12-15 අතර ළමුන් 2,260 ක් සම්බන්ධ කරගෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කරයි.

මේ අතර පසුගිය සතියේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වන විට ජාතියේ ජනගහනයෙන් 70% කට අවම වශයෙන් එක් එන්නතක් ලබාදීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර ඇත.