FAST NEWS

24×7 Around the Globe

සිංගප්පූරුවට එන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක්

(ෆාස්ට් නිව්ස් | සිංගප්පූරුව) – සිංගප්පූරුවට පැමිණෙන පුද්ගලයන්ට අද සිට දින 21 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවක් පනවා තිබේ.  

කෙසේවෙතත් ඕස්ට්‍රේලියාව – බෲනායි – චීනය – නවසීලන්තය – තායිවානය – හොංකොං සහ මකාවු යන රටවල පුරවැසියන්ටද එලෙස නිරෝධායනය අනිවාර්ය නොවනු ඇත.

අද රාත්‍රී 12 සිට මෙම නියමයන් බලාත්මක වනු ඇත.

නැවතවරක් සිංගප්පූරුව තුළද කොවිඩ් වෛරසය ව්‍යාප්ත වන ළකුණු පළවී ඇති අතර පසුගිය සතියේදී එරටින් ආසාදිතයන් 10 දෙනෙකු පමණක් හමුවුවද මෙම සතියේදී එය 60 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.