FAST NEWS

24×7 Around the Globe

කෝලි- අනුෂ්කා විවාහය ෆේස්බුක් එකෙන් එළියට.

ඉන්දිය සිනමාවේත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේත් අතිශය ජනප්‍රිය තරු යුවළක් වන විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ලබන වසරේ ජනවාරි 23 වනදා පැවැත්වෙන බව වාර්තා වෙනවා.

ඔවුන්ගේ විවාහ ආරාධනා පත්‍රය යැයි සැලකෙන ආරාධනා පතක් සමාජ ජාල වෙබ් අඩවියක පළ වීම ඊට හේතුවයි.

කෙසේවෙතත්, ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කර ඇති මෙම ආරාධනා පත්‍රයේ සත්‍යතාව පිළිබඳව බොහෝදෙනා විසින් සැක කර තිබෙනවා.එයට හේතුව එහි විවිධාකාරයේ වැරදි දක්නට තිබීමයි.

ඉංග්‍රීසි භාෂාවෙන් දිනය දැක්වීමේදී ’23rd’ ලෙස දැක්විය යුතු වුවද එහි එය දැක්වෙන්නේ ’23th’ ලෙසයි.

එමෙන්ම එහි සඳහන් කර ඇති විරාත් කෝලිගේ මෙන්ම අනුෂ්කා ෂර්මාගේ දෙමව්පියන්ගේ නම්ද වැරදි බව පැවසෙනවා.එසේම ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කළ සැණින් එම ඡායා රූපය ඉවත් කිරීමද එම සැකය තවදුරත් තහවුරු වීමට හේතුවී තිබෙනවා.