FAST NEWS

24×7 Around the Globe

වහාම Lockdown කරන්න – WHO ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බැවින් කොවිඩ් ව්‍යාප්තිය බැරෑරුම් ලෙස සලකන ලෙසද දැඩි සංචරණ සීමා කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබේ.   

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවේරාස් (Olivia Nieveas) තම ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්චේදය ‘අතළඟ’ බවයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 04 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ වීඩියෝවක් නිකුත් කරමින් මෙරට සෞඛ්‍ය සේවකයන් වෙහෙස නොබලා කටයුතු කිරීම ලොවට අනාවරණය කළේය.

මෙය කැප කිරීම හේතුවෙන් ජීවිත බේරා ගැනීමට සහ වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම් බවද ඔලිවියා නිවේරාස් අවධාරණය කර ඇත.