FAST NEWS

24×7 Around the Globe

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යද්දී මොකද වුනේ.

පෙරටුගාමි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන කුමාර් ගුණරත්නම් ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වුණ ආකාරය පිළිබඳ විස්තරය මේවනවිට හෙළිදරව්වී ඇත. ඔහු සැඟව සිටි රුවන්වැල්ලේ අඟුරුවැල්ලේ පිහිටි ඔහුගේ නිවසට පොලිස් කණ්ඩායම ගිය අවස්ථාවේ ඔහු නිවසේ පිටුපසින් පැන තාප්පයෙන් පැනයාමට උත්සහ කර තිබුණ අතර පොලිසිය ඔහු අල්ලාගෙන තිබෙන්නේ එම අවස්ථාවේය.

ඊයේ (04) උදෑසන මොහු සිය මවගේ නිවසේ සැඟව සිටින බවට කෑගල්ල පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් මෙහෙයුමක් සූදානම් කොට නිවස ඊයේ දහවල් වටකොට තිබේ.
පසුව එක් පොලිස් නිලධාරියකු නිවසේ ඉදිරිපස දොරටුවට තට්ටු දමා කවුරුන් හෝ නිවසේ ඇත්දැයි විමසා ඇත.
එසේ අසන විට පොලිස් නිලධාරීන් මුළු නිවස වටාම ආරක්ෂක වළල්ලක් යොදවා තිබී ඇති අතර, එකවර ගුණරත්නම් මහතා පිටුපස දොර හැර පොලිස් නිලධාරීන් අතරින් රිංගා තාප්පයට පැන ඒ හරහා පැනයාමට උත්සහ දරා ඇත.
ගුණරත්නම් මහතා තාප්පයේ එල්ලෙනවාත් සමඟ පොලිස් නිලධාරීන් ඔහුගේ කලිසමෙන් අල්ලා ඇති අතර, එහිදී ඔහු ඇදවැටී ඇත.
ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.එම නිවසේ ඔහුගේ මවත් නැගණියත් පදිංචිව සිටි බව නිවස පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත.
කෑගල්ල මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා වෙත ඔහුව ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.