FAST NEWS

24×7 Around the Globe

ගං වතුර එක්ක අයිස් කැටත් එන අපුරු ගං වතුරක්.

සවුදි අරාබියට ඇද වැටෙන මහ වැසි හේතුවෙන් ගංවතුර තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ගංවතුර විශාල බෝල බෙයාරින් ප‍්‍රමාණයේ අයිස් කැට වලින් සමන්විත වීමයි.
වසරේ මෙම කාලසීමාවේදී මැදපෙරදිග ආශ‍්‍රිතව අඩු පීඩන තත්වයක් නිර්මාණය වන අතර මේ නිසා පසුගිය දින කිහිපය පුරා ඉරාකයට හා ඉරානයටද මහ වැසි ලැබෙමින් පවතින බව පැවසේ.
කාළගුණ විද්‍යාඥ ආචාර්ය අබ්ඞ් අල් අසිස් අල් රුබායි පවසා ඇත්තේ පර්සියානු ගල්ෆ් උතුරු ප‍්‍රදේශය තුළ මෙම අඩු පීඩන තත්වය සංකේන්ද්‍රණය වී ඇති බවයි.
ඔක්තෝබර් 28 සිට මේ දක්වා අඛණ්ඩව වර්ෂාපතනය ලැබෙන බව වාර්තා වී ඇත.
අරාබි මුහුද ආශ‍්‍රිතව වසර 8ක වර්ෂාපතනය දින 2ක් ඇතුළත ඇද වැටෙනු ඇතැයි මින් පෙර කළගුණ විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කර තිබිණි.
30වනදා වන විට කලාපය පුරා ගංවතුර ආශ‍්‍රිත මරණ 19ක් වාර්තාවූ අතර ඉන් මරණ 6ක් සවුදි අරාබියෙන් වාර්තා වී තිබේ.
සිවිල් ආරක්‍ෂණ නිලධාරීන් පවසා ඇත්තේ සිදුකළ ගලවාගැනීමේ මෙහෙයුම්වලින් ජීවිත 50ක් බේරාගැනීමට සමත්වූ බවයි.