FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් අවධානම නොතකා ඉන්දියානුවන් ඡන්ද පෝලිම්වල

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොවිඩ් ආසාදිතයන් සහ මරණ දිනෙන් දින ඉහළ යන පසුබිමකදී වුවද ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රාන්ත මැතිවරණය සඳහා ඡන්ද දායකයන් දිගු පෝලිම්වල එක් රැස්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  

එමගින් කොරෝනා වෛරසය තවත් ව්‍යාප්ත විය හැකි බවට දැනටමත් අනතුරු අඟවා අවසන්.

පසුගිය පැය 24 තුළදී බටහිර බෙංගාල ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයන් 17,000 කට ආසන්න පිරිසක්ද සටහන්වී තිබුණි.

එය මේ දක්වා දිනයකදී එහි වාර්තාවූ වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනයි.