FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට ප්‍රභල භූමි කම්පාවක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – අද පෙරවරුවේ ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ ඒකක 06.04 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇත.   

එහි වයඹ දිග කොටසේ මෙන්ම උතුරු බෙංගාලයටද එම කම්පන තත්වය දැනී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

භූ චලනය හමුවේ සිදුවූ ජීවිත හානි හෝ තුවාල සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතත් ගොඩනැගිලි රැසකට සුලු හානි සිදුවී ඇති බව ද එම වාර්තාවල සඳහන්.