FAST NEWS

24×7 Around the Globe

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘පොහොට්ටු’ පක්ෂයේ ජාතික සංවිධායක මෙන්ම මෙරට නොනිල රාජ්‍ය නායකයා ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂගේ 70 වන ජන්ම දිනය අදට (27) යෙදී ඇත.     

ඔහු ජන්මය ලැබුවේ 1951 අප්‍රේල් 27 වැනිදාය.

2005 සිට රාජපක්ෂවරුන්ට මෙරට පාලන බලය අත්පත්කර දීමට සුවිශාලම කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ බැසිල් රාජපක්ෂයි.

එසේ තම සහෝදරයින් රාජ්‍ය නායකත්වයට පත්කිරීමට වෙහෙසුන බැසිල්, 2024 ජනාධිපතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා මේ වනවිට සූදානම් වෙමින් සිටියි.

බැසිල් රාජපක්ෂගේ උපන්දිනය වෙනුවෙන් අද දිනයේ සමාජ මාධ්‍යය තුළද සුභ පැතුම් පණිවිඩ එකතු කර තිබුණි.