FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් යානා නවතයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම ගුවන් යානා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.  

දැනට ඉන්දියාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් තත්වය සළකා බලා ලබන මැයි මස 15 වනදා දක්වා මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ අද පැවති ඕස්ට්‍රේලියා ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදීයි.

ඉන්දියාවේ සිට පැමිණෙන සෘජු ගුවන් ගමන් සඳහා පමණක් නොව ඩුබායි – සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවල් හරහා පැමිණෙන ගුවන් යානා සඳහාද අදාළ තහනම බලාත්මක වනු ඇත.