කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කය මුල්කරගෙන වානිජ වගාවන් ලෙස පළතුරු ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
එහිදී විදේශීය වෙළඳපොල ඉලක්ක කර ගනිමින් මෙරටට ආවේණික පළතුරු වර්ග කිහිපයක් වගා කිරීමට අවදානය යොමුකර ඇති අතර, මුල් අදියරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ අන්නාසි, කටුඅනෝදා, දූරියන්, දෙළුම් සහ රඹුටන් වගා කිරීමටයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇත්තේ.






