FAST NEWS

24×7 Around the Globe

ඉරාකයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොවිඩ් රෝගීන් පිරිසක් මරුට

(ෆාස්ට් නිව්ස් | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස කොවිඩ් රෝගීන් ද වන අතර ගින්නෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකි වී ඇති බව වාර්තා වේ.