FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරදින බව මහින්ද කියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අතහැර, ඉදිරි පළාත් පාලන මැතිවරණයට තනිව ම ඉදිරිපත් වුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අන්ත පරාජයක් අත්වන බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අම්බලන්තොට රිදියගම ප‍්‍රදේශයේ ඊයේ (04) පස්වරුවේ පැවති මහජන සංවාදයකදී මහින්ද රාජපක්ෂ මහතා එබව කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරෙයෙකු ලෙස තමන් උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බවද ඔහු එහිදී පැවසිය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැඳී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටීම ඊට හේතුව බව ඔහු කියා සිටියේය.

අද වන විට තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී සිටින බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.