FAST NEWS

24×7 Around the Globe

සත්ව ආහාර සඳහා පාලන මිලක් නියම කරන ලෙසට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුකුළු මස් සඳහා පාලන මිලක් පැනවූ ආකාරයටම සත්ව ආහාර සඳහා ද පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.   

දිගින් දිගටම සතුන්ට ලබාදෙන ආහාරවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් ව්‍යාපාරිකයින් ගැටලු රාශියකට මුහුණ දී ඇති බව එහි සභාපති මෛත්‍රී ෆොන්සේකා ප්‍රකාශ කළේය.