FAST NEWS

24×7 Around the Globe

අදත් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් පිල් බෙදී මරා ගනී [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.   

මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදි පවසා සිටියේ විවාදයේ යෝජනාව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ බැවින් විවාදයේ ආරම්භයත් විපක්ෂයට හිමිවිය යුතු බවය.

එයට පිළිතුරු දෙමින් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ, පක්ෂ නායක රැස්වීමේ දී ඒ පිළිබඳ ගත් තීරණය අනුව කටයුතු කරන බවය.

නමුත් එය කිරිඇල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග මැති ඇමතිවරු අතර, උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.