ශ්‍රී ලංකාව තුළ කර්මාන්තපුරයක් ඉදිකිරීමට කටාරයේ ආයෝජකයන් සූදානමින් සිටින බව මහාමාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි . විෂයභාර අමාත්‍ය කබීර් හෂීම් ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සූදානමින් සිටින ව්‍යාපාරිකයන් පිරිසක් පසුගියදා හමුවිය .
එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු කර්මාන්තශාලාවක් ඉදිකිරීම සඳහාද කටාර් රාජ්‍යය සූදානමින් සිටින බව එම අමාත්‍යාංශය සඳහන් කළහ.






