FAST NEWS

24×7 Around the Globe

සරාගී නිළි ලියෝන්ගේ පැමිණීම ගැන රතන හිමි කියන්නේ මොකද්ද විමල් ප්‍රශ්න කරයි .

සුප‍්‍රකට බොලිවුඞ් සරාගී නිළි සනී ලියෝන් ලබන දෙසැම්බරයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රසංගයක් පවත්වන්නට පැමිණීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක මන්ත‍්‍රී විමල් වීරවංශ සිය බලවත් විරෝධය පළ කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විමල් පවසා ඇත්තේ සනී ලියොන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවේ නමගිය කැසිනෝ ව්‍යාපාර ජාලයක හිමිකරුවෙකුගේ අනුග‍්‍රහයෙන් ඔහුට අයත් කැසිනෝ සූදුපොළ වෙත බවත් ඇය පැමිණ ලංකාවේ සූදුව ප‍්‍රවර්ධනය කිරීම කිසිසේත් නොගැළපෙන බවත්ය.

ලංකාවෙන් සූදු ව්‍යාපාර අතුගා දැමිය යුතු බවට හඬ නගන අතුරලියේ රතන හිමි මේ ගැන කුමක් කියන්නේදැයි තමා විමසන බවද විමල් කියා සිටී.
‘මේ කාලෙ රටට මොනව වෙනවද කියල මට හිතාගන්න බෑ. එක් පැත්තකින් ගණිකාවක් ජනාධිපතිතුමාට සන්දේශයක් භාර දෙනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියල තවත් පැත්තකින් සමලිංගිකයන්ගෙ අයිතිවාසිකම් රජය දෙන්න යනවා.

එහෙම තියෙද්දි තමයි මේ සූදු ප‍්‍රවර්ධනයට සනී ගෙන්නන්නේ’ ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සනී ලියොන් ලබන දෙසැම්බර් මාසයේ ලංකාවේ ප‍්‍රසංගයකට පැමිණෙන්නේ බෙලීස් කැසිනෝ නමැති කොළඹ ඞීආර් විජයවර්ධන මාවතේ පිහිටි කැසිනෝ අවන්හලෙහි ප‍්‍රසංගයක් වෙනුවනි.