FAST NEWS

24×7 Around the Globe

අඟහරු වෙත ගිය කුඩා හෙළිකොප්ටරය

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසළ කරවීමට නාසා ආයතනය විසින් කටයුතු සම්පාදනය කර තිබේ.    

“Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්තය. එය අඟහරු වෙත යවන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා මතට ගොඩබෑ පර්සවරන්ස් යානය මගිනි.

එම හෙලිකොප්ටර් යානය අද (19) දින අත්හදාබැලීමට නියමිතය. එය සාර්ථක නොවුණහොත් නැවත වරක් දින කිහිපයකට පසු එය අත්හදාබැලීමට නියමිත බව නාසා ආයතනය පැවසීය.