FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩු ප්‍රාන්තයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග හෙට සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.   

එමෙන්ම සෑම ඉරිදා දිනයකම පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පැණවීමට බළධාරීන් නියම කර ඇත.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වූ මුලු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි 50 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

එරට මුලු කොවිඩ් මරණ ගණන පවතින්නේ එක් ලක්ෂ 78 දහස් 793 ක් ලෙසයි.