FAST NEWS

24×7 Around the Globe

අභිරහස්‌ සාක්‍ෂිකරුවන්ගේ සුදු කොඩි ප්‍රකාශ බොරුවක්ලු.

සුදු කොඩි සිද්ධිය තමන් දුටුවේ 2009 මැයි 18 දා රාත්‍රියේ යෑයි අභිරහස්‌ සාක්‌කිකරුවන් තිදෙනකු ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ කළ ප්‍රකාශය මුළුමනින්ම ගොතන ලද්දක්‌ බව හෙළි වී ඇත.

සුදු කොඩි ඔසවා ගෙන පැමිණි කොටි හමුදා නායකයන් ඔඩ්ඩුවකාල් පාලමේදී හමුදාවට යටත් වූ බවට මොවුන් පවසා ඇති අතර එම පාලමේ විදුලි පහන් නොතිබූ බවත් එකී ප්‍රදේශය දැඩි අඳුරේ තිබූ බවත් තහවුරු වී තිබේ.

මෙම අභිරහස්‌ සාක්‌කිකරුවන් තිදෙනාම ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට යොමු කර ඇත්තේ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මිත් සුකා බව අනාවරණය වී ඇත.

ඇය ඔවුන් ජිනීවා වෙත ගෙනවිත් ඇත්තේ ලන්ඩන් නුවර සිට යෑයිද හෙළි වී තිබේ.

දැඩි අන්ධකාරය පවතින අවස්‌ථාවල මොවුන් සුදු කොඩි සිද්ධිය දුටු බවට කළ ප්‍රකාශය ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයද පිළිගෙන තිබේ.