FAST NEWS

24×7 Around the Globe

නාසා ආයතනය රුසියානු සහාය ගත් අවසන් අභ්‍යාවකාශ මෙහෙයුම

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටි පිරිස ආරක්ෂිතව නැවතත් පෘථිවියට පැමිණ තිබේ.  

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා එලෙස නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇත.

ඒ සම්බන්ධ නිවේදනය නිකුත් කරමින් රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ, රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ඔවුන් ආපසු පැමිණි බවය.

2020 වසරේ ඔක්තෝබර් මාසයේ පටන් ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිට තිබුණි.

මෙම මෙහෙයුම සැලකෙන්නේ, නාසා ආයතනය රුසියානු සහයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදුකරන අවසන් මෙහෙයුම ලෙසය.

2011 වසරේදී අමෙරිකාව විසින් සිය අභ්‍යවකාශ මෙහෙයුම අත්හැරීමෙන් පසුව නිරන්තර අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා රුසියානු සෝයුස් යානාවල සහාය පැතීමට ඔවුන්ට සිදුවුණි.

නුදුරේදීම සිය කෙටිදුර යානා මෙහෙයුම් යළි ආරම්භකිරීමට අමෙරිකාව දැන් සූදානමින් පසුවේ.