FAST NEWS

24×7 Around the Globe

හූති ගරිල්ලෝ යේමන් නිරූපිකාවක් පැහැරගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිස් ආවරණය නොමැතිව යේමන් අගනුවර චිත‍්‍රපට දර්ශනවලට පෙනී සිටීමට පැමිණි එරට නිරූපිකාවක්වූ එන්ටියාර් හවාඩි හූති ගරිල්ලන් විසින් පැහැරගෙන ගොස් තිබේ.  

ඇයව හූති අධිකරණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර ඉස්ලාමීය චාරිත‍්‍ර කඩකිරීමේ චෝදනාව එල්ල වී ඇත.

මේ සිද්ධිය යේමන් ප‍්‍රවෘත්ති ඇමැතිවරයා හෙළාදැක ඇත.