ජපානයේ මිට්සුබිෂි ගෑස් රසායනික සමාගමේ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ. ඉබ‍්‍රාකි පරිපාලන ප‍්‍රදේශයේ කමිසුහි පිහිටා ඇති මෙම කම්හලේ සිදුවූ පිපිරුමෙන් විෂ වායු වර්ග යාබද කෂිමා බලාගාරයට කාන්දු වන්නට ඇතැයි පැවසේ.
පිපිරීම සිදුවූ ස්ථානයට ගිනි නිවන හමුදාව පැමිණි ඇති අතර එයින් කිසිවෙකුට තුවාල සිදුවී ඇතිද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
කිසිදු විෂ වායු කාන්දුවක් සිදුවී නොමැති බවට මිට්සුබිෂි ගෑස් රසායනික සමාගම නිවේදනය කර තිබේ.
පිපිරීම කම්හලට ආසන්න ප‍්‍රදේශයේ ජීවත්වන ජනතාවට ඇසී ඇත. එක් පුද්ගලයකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ එය අතිවිශාල පිපිරුමක් වූ බවයි.
කම්හලේ උතුරු දෙසින් මෙය සිදුව ඇත. රසායනික කම්හලේ පිපුරුමට හේතුවූ කරුණු මෙතෙක් අනාවරණය වී නැතැයි වාර්තා වේ.








