මහනුවර නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා වත්මන් රජය සැළැසුම් කොට ඇති බැවින් ඉවසීමෙන් යුතුව ඒ සදහා සාධාරණ කාලයක් ලබා දීම සුදුසු බව මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි මහතා පවසයි.
සභාපතිවරයා මෙසේ පැවසුයේ පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන චන්න ගලප්පත්ති සහ අසංග තිලකරත්න යන මහත්වරු සභාවට ඉදිරිපත් කළ කරුණු වලට පිළිතුරු සපයමිනි.
ඉකුත්දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී මහනුවර වාහන තදබදය අවම කිරීම සදහා උමං මාර්ගයක් සැළසුම් කර ඇති බව මහා මාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ බව මධ්‍යම පළාත් සභාවේ සභාපතිවරයා සභාව දැනුවත් කරන ලදී.
එබැවින් අදාල සැලසුම් ක්‍රියාත්මක වනතුරු මහජනතාවට ඇතිවන අපහසුතාවයන් අවම කිරීමට පොලිසිය ඇතුළු වගකිව යුතු අංශ එක්ව තාවකාලික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම උචිත බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මහනුවර වාහන තදබදය ගැන කරුණු දැක්වූ චන්න ගලප්පත්ති මන්ත්‍රීවරයා ඉතා රමණීය නගරයක් වන මහනුවර අද මරණීය නගරයක් බවට පත්ව ඇති බව පැවසීය. රථ වාහන තදබදය නිසා ඇතිව තිබෙන වායු දූෂණය ඊට ප්‍රධානතම හේතුව බව පැවසූ ගලප්පත්ති මහතා මහනුවර අවට වෙසෙන වැඩි පිරිසක් අද ස්වසන රෝගීන් බවට පත්ව ඇති බවද පැවසීය.
විශේෂයෙන් මහනුවර වැව රවුම අවට ඇති පාසල්වල දරුවන් රැසකටම වායු දුෂණයෙන් ආරක්ෂාවීම සදහා මුඛවාඩම් පළදින ලෙස වෛද්‍යවරුන් දැනුම් දී තිබීමෙන් ඒ බව තහවුරු වන බවද පැවසීය.
මෙහිදී සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළ අසංග තිලකරත්න මහතා පැවසුවේ කඩුගන්නාවේ සිට මහනුවර දක්වාත් මහනුවර සිට කටුගස්තොට දක්වාත් ගමන් කිරීමට ගත වන කාලය පැය එකහමාරක් වන අවස්ථා තිබෙන බවයි.
එමෙන්ම මහනුවර වැවරවුමේ ගමන් කිරීමටද එවැනිම කාලයක් ගත වන බව පැවසූ ඔහු මෙය මහනුවර නගරවාසින්ට මෙන්ම මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ටද විශාල අපහසුතාවයක් බවද පැවසීය.
ඇතැම් පාසල්වල තූර්ය වාදක කණ්ඩායම්ද විවිධ උත්සව වලට සහභාගීවීමේදීත් පුහුණුවීම් වලදීත් මහා මාර්ගයේ තූර්ය භාණ්ඩ වාදනය කරමින් ගමන් කිරීම දැකගත හැකි බව පැවසූ ඔහු එයද හැකිතාක් අවම කරගත යුතු බව පැවසීය.
එසේ නොවුනහොත් වාහන තදබදය තව දුරටත් වැඩි වන බව ද ඔහු පෙන්වා දෙන ලදී
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.