FAST NEWS

24×7 Around the Globe

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාවට) – සෙරෝජා සුලි කුණාටුව පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් බටහිර ඕස්ට්‍රේලියාවට ඇතුල් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

නිවර්තන සුළි කුණාටුවක් වන සෙරෝජා කුණාටුව හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිවාස කිහිපයක්ම විනාශ වී ඇති අතර ප්‍රදේශ කිහිපයකම විදුලියද ඇණහිට ඇත.

පවතින අධික වර්ෂාව සහ ජල ගැලීම් අවධානම් තත්වය හමුවේ මේ වනවිට එරට ප්‍රාන්ත දෙකකට රතු නිවේදනද නිකුත් කර ඇති බවට වාර්තා වෙයි.