FAST NEWS

24×7 Around the Globe

රොෂාන් අබේසුන්දරගෙන් ආසියාතික පිහිණුම් වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර තලෛමන්නාරම මුහුදු ප්‍රදේශයේ සිට ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනාගොස් නැවත පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට අද (11) සමත් විය.

ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3කි. ඒ සඳහා ඔහුට ගතවී තිබූ කාලය පැය 28යි විනාඩි 19යි තත්පර 43ක් බව වාර්තා වේ.

මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ ආනන්ද කුමාර් නැමැති ඉන්දියානු ජාතිකයෙකු වන අතර ඔහුට ඒ සඳහා පැය 51ක පමණ කාලයක් ගතවී තිබුණි.

ඉතිහාසයේ මේ දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිණා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 14 ක්.

එයින්ද මේ දක්වා දෙපසටම පිහිණීමේ අභියෝගය ජයගෙන තිබුණේ එක් ශ්‍රී ලාංකිකයෙකු පමණයි.