FAST NEWS

24×7 Around the Globe

කුකුළු මස් උපරිම සිල්ලර මිල ගැන එකඟතාවයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –කුකුළු මස් කිලෝවක් රුපියල් 600ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට කුකුළු මස් අලෙවිකරුවන් සමග ඊයේ  (10) පැවති සාකච්ඡාවකදී තීරණයකර තිබේ.

වෙළෙඳපොළේ දිනෙන් දින කුකුළු මස් මිල ඉහළයෑම හේතුවෙන් පිටකොටුව කුකුළු මස් ව්‍යාපාරිකයින් පසුගියදා එම වෙළෙඳාමෙන් ඉවත්වීමට ද පියවරගෙන තිබුණි.

“බොයිලර් කුකුළු මස් කිලෝවක් රුපියල් 430 ට අලෙවි කරන එක කිසිඳු ගැටලුවකින් තොරව අවශ්‍ය ඕනම ප්‍රමාණයක් වෙළෙඳපොළට ලබාදීමට එම සමාගම් අද කැමැත්ත පළ කළා. ඒ වගේම අතරමැදියන්ගේ අලෙවිය සම්බන්ධයෙන් තිබුණු ගැටලුවත් නිරාකරණය වුණා. නිෂ්පාදන සමාගම් පොරොන්දු වුණා අතරමැදියන්ට රු.375ට දෙන්න. අතරමැදියන් පොරොන්දු වුණා වෙළෙදුන්ව ඒ පිළිබඳව දැනුවත් කරන්න. රුපියල් 600කට වඩා වැඩියෙන් වෙළෙඳපොළේ අලෙවි නොකිරීමට අවශ්‍ය කටයුතු යොදනවා කියලත් තීරණය වුණා,” සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.