FAST NEWS

24×7 Around the Globe

රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව වෙනස් කිරීමට යයි.

රජයේ රැකියා සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව දැනට අවුරුදු 30ත් 35ත් අතර පවතින අතර එය තවත් වසර 10කින් එනම් 40 -45 දක්වා වැඩිකිරීමට යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
වයස් සීමාව අවුරුදු 30ත් 35ත් අතර පැවතීම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා ලබාදීමේදී වයස් සීමා ප‍්‍රශ්නය ගැටලූවක්ව පවතින බවත් ශ‍්‍රමබලකායට බඳවා ගැනීමට නොහැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.
ජනතාවට වාසි සහගත අයුරින් මෙම වෙනස කරන බවද ඔහු කියයි.