FAST NEWS

24×7 Around the Globe

සරාගී කොයිනා මිත්‍රාගේ ගෙට පැන්නේ කවුද?

කොයිනා මිත්‍රා වඩාත් ජනප්‍රියව සිටින්නේ චිත්‍රපටවල ගීතමය දර්ශන අපූරුවට නිරූපණය කරන්නට සමත් නිළියක් හැටියටයි. විශේෂයෙන්ම ඇගේ නර්තන ජවනිකා කාගේත් අවධානය දිනා ගන්නට සමත් වී තිබෙනවා.

මේ රූමතියට පසුගිය දා කරදරයක් සිදුවුණා. ඈ සතු වටිනා ස්වර්ණාභරණ රැසක්ම කිසිවකු සොරකම් කරලා. මේ රන්බඩුවල වටිනාකම රුපියල් ලක්ෂ 1.2 ක් බවයි කොයිනා පවසන්නේ. එම ස්වර්ණාභරණ තැන්පත් කර තිබුණේ ඇගේ අල්මාරියේ ලාච්චුවකයි. ඉතා සුරක්ෂිතව අගුළු දමා තිබූ එය විවෘත කර රන් ආභරණ සොරා ගත්තේ කෙලෙසකදැයි කොයිනාට සිතා ගන්නට නොහැකි වුණා. ඇගේ නිවෙසෙහි පිටස්තර අයකුට සිටින්නේ මෙහෙකාරිය පමණයි. වසර නවයක් තිස්සේ නිවසේ රැඳී සිටිමින් සියලු වැඩ කටයුතු කරන මේ මෙහෙකාරිය පමණයි, සැක කරන්නට ඉතිරි වුණේ. මේ හේතුවෙන් කොයිනාට සිදුවුණා, තම මෙහෙකාරිය සැක කරන බව පොලීසියට දන්වන්න.

ඒ අනුව පොලීසිය විසින් මෙහෙකාරියව අත්අඩංගුවට ගත්තා. පසුව හෙළි වී ඇත්තේ ඇය, කොයිනාගේ අල්මාරිය විවෘත කර ස්වර්ණාභරණ සොරාගෙන ඇති බවයි. “මේ මනුස්සයා පහුගිය මාස ගණනක් තිස්සේ මට කරදර කළා, එයාගෙ දුවගෙ ඉගෙනීම් කටයුතුවලට යන වියදම් දෙන්න ය කියලා. මම දුන්නෙ නැහැ. මේ හේතුව නිසා තමයි එයා මගෙ රත්තරන් බඩු හොරකම් කළේ.” කොයිනා එලෙස කියා සිටියා.

Koena-Mitra-Bra-Size16