FAST NEWS

24×7 Around the Globe

චම්පිකගේ හොර පිස්තෝලයක් හමුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාඨලී චම්පික රණවක වසර දහයකට අධික කාලයක් තිස්සේ බලපත් රහිත පිස්තෝලයක් භාවිත කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තලංගම පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් පතා තිබේ.   

මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ගිනි අවියක් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව 2009 වසරේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු අවසර පතක් ලබාදී ඇත්තේ වසරක කාලයක් එම අවසරපතට දීර්ඝ කිරීමක්ද සමගින්ය.

ඒ අනුව පාඨලී චම්පික මන්ත්‍රීවරයා යුද හමුදා අවි ගබඩාවෙන් එම පිස්තෝලය රුපියල් දෙදහසක් වැනි මුදලකට ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී තිබේ.

එහෙත් එම අවසර කාලය ඉක්මවීමෙන් පසු ගිනි අවියට බලපතක් ලබාගෙන නැත.