FAST NEWS

24×7 Around the Globe

සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | ඊජිප්තුව) – සූවස් ඇළ අවහිර කිරීමේ චෝදනාව මත එවර් ගිවන් බහාලූම් නෞකාවේ කපිතන් සන්ජේ පර්වාස් ඇතුළු 25 කගෙන් යුත් ඉන්දීය කාර්ය මණ්ඩලය අත්අඩංගුවට ගැනීමට නියමිත බව ඊජිප්තු ආරංචි මාර්ග පවසයි.   

මෙයට අමතරව සූවස් ඇළේ කාර්ය මණ්ඩලය ද අත්අඩංගුවට ගන්නා බව ඊජිප්තු වාණිජ කටයුතු නිලධාරීහු සඳහන් කළහ.

පරීක්ෂණ පවත්වා අවසන් වනතුරු එවර් ගිවන් නැව නැංගුරම් දමා ඇතැයි සූවස් ඇළේ පහසුකම් සපයන ලෙත් ඒජන්සිය කියා සිටී.