හිරමැදිරියේදී රන්ජන්ට මේ වගේ වදහිංසා දෙන්න එපා

හිරමැදිරියේදී රන්ජන්ට මේ වගේ වදහිංසා දෙන්න එපා

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ වසර 4 ක සිර දඩුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට මේ වනවිට අමානුෂික වදහිංසාවන්ට ලක්වීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසයි. 

අද දිනයේ තමන් කතානායකවරයාගේ අනුමැතියට යටත්ව රන්ජන් රාමනායක මහතා මුණගැසීමට ගිය නමුත් බන්ධනාගාර නිලධාරීන් ඊට ඉඩ නොදුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දණහිස් දෙකම ශල්‍යකර්මවලට ලක් කර ඇති රාමනායක මහතාට වැසිකිළි යාම සඳහා පුටුවක් ලබා දෙන්නැයි වෛද්‍යවරුන් ද නිර්දේශ කර තිබුණ ද මෙතෙක් එම පහසුකම් ලබා දී නැති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එනිසා වැසිකිළි යාමේදී රාමනායක මහතා හඬා වැටෙන බවද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාරය ඉදිරිපිටදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.