FAST NEWS

24×7 Around the Globe

තරුණිය දූෂණය කල රියදුරාගේ අවසානය.

තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ කුලී රථ රියදුරෙකුට අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දී තිබෙනවා.ඌබර් නමැති කුලී රථ සේවයේ රියදුරෙකුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඩූවම් ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ .

දිල්ලි අගනුවර විශේෂිත අධිකරණයක් හමුවේ නඩු විභාගය සිදුකෙරුණා. 26 හැවිරිදි තරුණියක් දූෂණය කිරීම සහ තර්ජනය කිරීම, පැහැරගෙන යාම යන චෝදනාවලට ද මෙම කුලී රථ රියදුරා වරදකරු වී තිබෙනවා.