(ෆාස්ට් නිව්ස් | මෙක්සිකෝව) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මෙක්සිකෝවේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව සංශෝධනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
එම සංශෝධනයට අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 60 % ක වැඩි වීමක් දක්නට ලැබේ.
මේ වන විට මෙක්සිකෝවේ කොවිඩ් 19 ආසාදනය වීමෙනේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 321,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව දෙවන වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙක්සිකෝ නගරයෙන්ය.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් දොළොස් කෝටි 77 ලක්ෂ 48,209 ක් ලෙස දැක්වෙන අතර, මරණ සංඛ්‍යාව සටහන් වූයේ විසිහත් ලක්ෂ 95,604ක් බව වාර්තා වන බැවින් ගතවූ පැය විසි හතරේ ලොව වැඩිම ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වේ.









