FAST NEWS

24×7 Around the Globe

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

(ෆාස්ට් නිව්ස් | ඊජිප්තුව) – සෙනසුරාදා (27) ගත් උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ‘එවරග්‍රීන්’ බහාලුම් නෞකාව තවමත් ඊජිප්තුවේ සූවස් ඇළ හරහා සිරවී තිබේ.

කෙසේවෙතත් සූවස් බලධාරීන් පැවසුවේ යම් ප්‍රගතියක් ලබා ඇති හෙයින්, ඉරිදා (28) සවස් වන විට නැව යළිත් පාවී යා හැකි බවට ඔවුන් විශ්වාස කරන බවයි.

අඟහරුවාදා (23) සිට ‘එවරග්‍රීන්’ නෞකාව ලෝකයේ කාර්යබහුලම වෙළඳ මාර්ගවලින් එකක් වන සූවස් ඇළෙහි සිරවී ඇත.

ඒ හේතුවෙන්, නැව් 300 කට වැඩි ප්‍රමාණයක් අවහිරතාවයේ දෙපස සිරවී ඇති අතර ඇතැම් යාත්‍රාවලට අප්‍රිකාව වටා ගමන් කිරීමට සිදුවී තිබේ.