FAST NEWS

24×7 Around the Globe

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීනය විසින් අඟහරු මෙහෙයුමේ යොදවා සිටින ටියැන්වෙන් -1 අඟහරු නිරීක්ෂණ යානයෙන් ලබාගත් ග්‍රහයාගේ පැති රූප දෙකක් නිකුත් කිරීමට චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය ඊයේ (26) කටයුතු කර ඇත.   

ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000 ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන තිබේ.

සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙලෙස එවා ඇත.

ටියැන්වෙන්-1 මාසයක් පුරා අඟහරු කක්ෂයේ ක්‍රියාත්මක වෙමින් පවතී. විවිධ විභේදන සහිත බහු කැමරා, ඛනිජ වර්ණාවලීක්ෂයක්, චුම්බක මානයක් සහ වෙනත් උපකරණ ඔස්සේ විද්‍යාත්මක ගවේෂණය ආරම්භ කළ මෙම යානය, රතු ග්‍රහලෝකයෙන් ලබාගත් දත්ත පෘථිවිය වෙත එවමින් සිටියි.