FAST NEWS

24×7 Around the Globe

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී 32 දෙනෙකු මරුට

(ෆාස්ට් නිව්ස් | ඊජිප්තුව) – ඊජිප්තුවේ මගී ප්‍රවාහන දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.   

කයිරෝ අගනුවරට කිලෝමීටර් 460 ක් පමණ දකුණින් පිහිටි ප්‍රදේශයකදී මෙම අනතුර සිදුව ඇත.

අධික වේගයෙන් දුම්රිය දෙක ධාවනය වීම අනතුරට හේතුව ලෙස ද විදෙස් වාර්තාවල සඳහන් වෙයි.