FAST NEWS

24×7 Around the Globe

සූවස් ඇළේ හිරවුණු නැව නිසා ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 3% කින් ඉහළ ගොස් තිබේ.   

ඒ, සූවස් ඇළේ සිරවී ඇති නෞකාව හේතුවෙනි.

ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 64 යි සත 57 ක් ලෙස දැක්වුණු අතර අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.97 ක් ලෙස දැක්විය.

සූවස් ඇළේ නෞකාව හිරවීම හේතුවෙන් අනෙකුත් නෞකාවලට යාත්‍රා කිරීමට මේ වනවිට බලපෑම් මතුව තිබේ.