FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකාගෙන් වන්දි ඉල්ලා මුරලිගෙන් එන්තරවාසියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම පිළිබඳව, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.  

ඒ, මාර්තු 15 වන දින පැවති දේශපාලන රැලියකදී තමන් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන්.