FAST NEWS

24×7 Around the Globe

පූටින්ට ලබාදුන් රුසියානු එන්නත ප්‍රසිද්ධ නොකරයි

(ෆාස්ට් නිව්ස් | රුසියාව) – රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (23) කොවිඩ්-19 වෛරසයට එරෙහි දේශීය එන්නත් තුනෙන් එකක් ලබාගත් බව ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.   

එන්නත ලබාගැනීමෙන් පසු පූටින්ට අපහසුවක් නොමැති බවත්, ඔහු බදාදා සම්පූර්ණ රාජකාරී දිනයක් ලෙස ගතකරනු ඇති බවත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් වාර්තාකරුවන්ට පැවසීය.

පූටින්ට ලැබී තිබුණේ ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්‍රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.