FAST NEWS

24×7 Around the Globe

සහල් තොග බෙදා හැරීම සම්බන්ධයෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වී අලෙවි මණ්ඩලය විසින් මිල දීගෙන ඇති සියලු වී තොග අද (24) සිට සහල් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.   

වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, සතොස ඇතුළු සුපිරි වෙළඳසැල් හරහා මෙම සහල් තොග බෙදා හරින බවයි.

මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇති වී තොගය මෙට්‍රික් ටොන් 25,000 කට අධික බව ද ඔහු ප්‍රකාශ කළේය.