FAST NEWS

24×7 Around the Globe

වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – වසර දෙකකට පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ පෙළේ ද්වි පාර්ශවික සමුළුවක් අද (23) පැවැත්වීමට නියමිතය.   

ඒ, ඉන්දු නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් පත් කළ ස්ථීර කොමිසමේ වාර්ෂික සමුළුව ලෙසින්.

මෙම දෙදින හමුව නවදිල්ලියේදී අද ආරම්භවීමට නියමිතයි.

ඉන්දු නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් 1960 වසරේ ඇති වූ සම්මුතිය අනුව දෙපාර්ශවය වාර්ෂිකව සාකච්ඡාවක නිරත විය යුතුයි.

එවැනි සාකච්ඡාවක් අවසන් වරට පවත්වා ඇත්තේ 2018 වසරේ අගෝස්තු මාසයේදියි.

ඉන්දියාව සහ පාකිස්තානය මෙම ජල සමුළුවට එක්වන්නේ දේශසීමාවේ සාමය පවත්වා ගැනීමේ විරල එකඟතාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

එම එකඟතාව ඇති කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මැදිහත් වී ඇත.