FAST NEWS

24×7 Around the Globe

දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීම

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපා ඇති දරුණුතම ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිඩ්නි නගරවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යවාර්තා සඳහන් කරයි.

1961 වසරෙන් පසු එරට ගංගා රැසක් ඉහළම ජල මට්ටම් වාර්තා කර ඇති බව ද එම වාර්තාවල දැක්වෙයි.

පාසල් සහ කාර්යාල රැසක් වසා දමා ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කෙරෙන ගුවන් තොටුපළද වසා දමා ඇති බව එරට මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවට ඕස්ට්‍රේලියාවට කාළගුණ අංශ අනතුරු අගවා ඇත.