FAST NEWS

24×7 Around the Globe

නූලෙන් බේරුණු ලෝක බලවතා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය නිල ගුවන් යානය වන එයාර්ෆෝස් වන් ගුවන් යානය වෙත පියගැටපෙළ නගින විට ඇද වැටීමට ලක්විය.  

අවස්ථා කිහිපයකදී ඇද වැටුනත් අමෙරිකානු ජනාධිපතිවරයා හැකි ඉක්මනින් යලි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබුණි.

පසුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයකු සඳහන් කලේ ජනාධිපතිවරයා සියයට සියයක්ම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.