FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැති කොවිඩ් එන්නත ලබාගනී

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබේ.    

එම එන්නතේ ආරක්ෂිතභාවය යළිත් වරක් තහවුරු වීමෙන් අනතුරුව ඔහු එලෙස එන්නත ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

56 හැවිරිදි ජොන්සන් කොවිඩ් පළමු රැල්ල අතරතුර ආසාදිතයෙකු බවට පත්වූ අතර ඔහුට රෝහල්ගතවී ප්‍රතිකාර ලබාගැනීමට ද සිදුවිය.