අමෙරිකා බුද්ධි අංශ රුසියානුවන් දඩයමේ

අමෙරිකා බුද්ධි අංශ රුසියානුවන් දඩයමේ

ඇමරිකානු බුද්ධි අංශ ඒජන්තයින් විසින් ලොව පුරා සිටින රුසියානුවන් දඩයම් කරමින් සිටින බව රුසියාව විසින් චෝදනා කර ඇතැයි වාර්තා වේ.

රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් රුසියානු සංචාරකයින්ට අනතුරු හැගවීමක් නිකුක් කර ඇති අතර එහි දක්වා ඇත්තේ ඇමරිකාව විසින් රුසියානුවන් දඩයම් කිරීමේ පිළිගත නොහැකි ක‍්‍රියාවලිය දිගින් දිගටම පවත්වාගෙන යමින් සිටින බවයි.

වෙනත් රාජ්‍යයන්හි අත අඹරවමින් සිදුකරන මෙම ක‍්‍රියාවලිය ජාත්‍යන්තර නීති රීතීන් උල්ලංඝනය කිරීමක් බව රුසියාවේ චෝදනාවයි.

තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකළ හැකි බව විශ්වාස කරන වොෂින්ටන පාලනය විසින් ඇතැම් අවස්ථාවලදී සිය පුරවැසියන් පැහැරගැනීම වැනි ක‍්‍රියාමාර්ගයන් පවා අනුගමනය කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

ඇමරිකානු නීති ක‍්‍රියාත්මක කිරීමේ ආයතනයන් සහ විශේෂ සේවා නිලධාරීන් විසින් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් ක‍්‍රියාත්මක වන බව එම නිවේදනයේ දැක්වේ.

1991දී ශීත යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව ඇමරිකාව හා රුසියාව අතර සබඳතා මේ වන විට දුර්වලතම අවස්ථාවක පවතී.

ඇමරිකාවේ මැදිහත්වීම සහිතව සිදුකළ කුමන්ත‍්‍රණයකින් යුක්රේනයේ හිටපු ජනාධිපති වික්ටර් යානුකොවිච් බලයෙන් පහකිරීමෙන් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පළුදුවූ අතර නැගෙනහිර යුක්රේන සටන්කාමීන්ට රුසියාව විසින් ආධාර කරන බව ඇමරිකාවේ චෝදනාවයි.