FAST NEWS

24×7 Around the Globe

එළවළු නරක්වීම හා පලතුරු ඉදීම ප්‍රමාද කරන්න නැනෝ විසඳුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් අපනයනය කරන හා මෙරට අලෙවි කෙරෙන එළවළු නරක්වීමත් පලතුරු ඉදීම ප්‍රමාද කිරීමත් සඳහා වන නව රසායන නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ වාණිජකරණ අංශ ප්‍රධානී රංගික ද සිල්වා පැවැසීය.

අවිධිමත් ප්‍රවාහනය හා ගබඩාකරණය හේතුවෙන් අපතේ යන එළවළු හා පලතුරු ප්‍රමාණය මෙයින් අඩු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ක්‍රමවේදයේදී හඳුන්වාදෙන රසායන පැකට්ටුව මගින් පලතුරු, එළවළු ඉදීමට හේතුවන ඒවායේ ස්වභාවිකව නිපදවෙන එතලීන් උරාගෙන ඉදීමේ කාලය දින හතරකින් පමණ ප්‍රමාද කිරීමේ හැකියාව පවතී.

මෙම සැෂේ පැකට්ටුව පළමුව මෙරට සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදී මාස දෙකක් තුළදී ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා නැව්ගත කරනා එළවළු, පලතුරු සඳහාද නිකුත් කිරීමට නියමිතය.